ඇඩිෂම් බංගලාව - Adisham Bungalow


1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි. මුලදී ඇඩිෂම් බංගලාව ලෙස නම්වූවත් පසුව එය ඇඩිෂම් බංගලාව ලෙස හදුන්වන්නට යෙදී ඇත. මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි. ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි.
අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත. (වැඩි විස්තර සඳහා http://www.adisham.org)
10005930_787055564717253_6861545581944422508_o10518612_787055848050558_4971029880217002806_o10942315_787055774717232_5520097792215150414_o10661755_787055654717244_4949429231572258330_o10914937_787055758050567_5143403579953350636_o10960133_787055711383905_8061244776697447942_o10960388_787055738050569_4308046015387882752_o

දුන්හිඳ දිය ඇල්ල - Dunhinda Waterfall

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි. දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.
1614518_787054818050661_212892906448414638_o10498478_787054631384013_2341571525836621261_o10847297_787054554717354_4899212564656173658_o

දෝව රජ මහා විහාරය - Dowa Dajamaha Viharaya

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. (Read More)
10922270_787055071383969_2725904325836404933_o10982563_787055504717259_1804507035899199639_o10974607_787055034717306_1553242357472381692_o
10974373_787055214717288_2483843489764223069_o10984521_787055154717294_2297601722599140604_o

මුතියංගනය රජමහා විහාරය - Muthiyangana Temple

දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍ය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.
10321507_785664094856400_3647505007538364573_o10960411_785664584856351_4779080875323761788_o10869796_785664601523016_8135965542955804593_o

බෝගොඩ පාලම - Bogoda Wooden Bridge

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ හාලිඇළ නගර‍‍‍යේ සිට ගල උඩ මාර්ග‍යේ ජගුල්ල මංසන්දියට සැතපුම් 02 ක් පමණ බටහිරින් වූ ‍‍‍‍‍බෝ‍‍ගොඩ රජමහා විහාරය‍ට යාමට ඇති පාළමයි. ගල්ලන්ද ඔය හරහා ‍‍යොදා ඇති දැව‍යෙන් කළ ‍මෙම පාළම නුවර යුගයට අයත් නිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන්නකි. කඳු මුදු‍නේ ඇති ගම්මාන‍යේ සිට විහාරස්ථානයට පැමි‍ණෙන ජනතාවට ගල්ලන්දා ඔ‍යෙන් එ‍‍ගොඩ වීමට ඇති දුෂ්කරතාව මඟ හරිනු වස් ‍මෙම පාලම ඉදි කොට ති‍‍බේ. පාළම ‍‍‍දෙපස බීරළු අත්වැල් ‍දෙකක් දක්නට ලැ‍බේ. එක් ප‍සෙකට කණු 10 බැගින් ‍‍‍දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාල‍‍මෙහි වහළය නිර්මාණය ‍‍‍‍‍කොට ඇත. දිගින් අ‍ඩි 50 ක් හා පළල අඩි 06 ක් වන ‍මෙම පාලම උඩ අඩි 08 කි. ඌව පලා‍‍‍තේ දක්නට ඇති පැරණි අද්විතීය නිර්මාණයක් වන ‍‍මෙය ‍බොහෝ‍ දෙනා ‘අම්බලම් පාළම’ ‍ලෙස ව්‍යවහාර කරති. (Read More)
10974581_785663888189754_6470443636117733080_o10974581_785663988189744_1670181457102712767_o10985555_785663901523086_6434283276789243163_o1973505_785663928189750_6833629139280636234_o1167240_785663921523084_6375524925513807895_o

දෙමෝදර ආරුක්කු පාලම - Demodara Bridge

දුම්රිය ස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි මෙම ආරුක්කු පාලම ශ්‍රීලංකාවේ ගෘහ නිර්මාණශීලිත්වය මනාව පෙන්වන කදිම නිදසුනකි.
10981990_785663758189767_4306038417136909120_o10669064_785663741523102_3088082309309892746_o10904453_785663524856457_4100417419480173382_o

දෙමෝදර දුම්රිය ස්ථානය - Demodara Railway Station

"දෙමෝදර දුම්රිය මාර්ගය" ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙසිනි. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත්විය. ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරුණු පළමු අවස්‌ථාව එය විය. එහි ඇති සුවිශේෂී බව සමස්‌ත ලෝකයාගේම අවධානය යොමු වීමට හේතුවිය. (Read more)
10845722_785662788189864_3013025369927258492_o10403902_785663218189821_1926530853548008525_o10834971_785662794856530_4613214311507767091_o10847636_785663248189818_2456508072178189610_o10960052_785663174856492_561081285301713950_o

රාවණාඇල්ල - Ravana Waterfalls

අඩි 82ක්, මීටර 25ක් පමණ උසින් යුත් රාවණාඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සුන්දර දියඇල්ලකි. බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දියඇල්ල ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමන් කිරිමේදී මෙම හමුවේ. රාවණාඇල්ල අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 1932 කී. 1979.05.18 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. රාවණාඇල්ල අභයභූමියට සමගාමීව හෙක්ටයාර් 331.8 ක වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන වනාන්තරයක්ද පවතී.
10847614_785662381523238_1814104862922069000_o10257423_785662264856583_2719441511810212163_o10371222_785661941523282_1819423641341199134_o1801360_785662148189928_145051244680717304_o


බදුල්ල දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Badulla District

ඌව පළාතට අයත් දිස්ත්‍රික්කයන් දෙකෙන් එකක් වන බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2861ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇත. තවත් දිස්ත්‍රික්කයන් හයකට මැදිව බදුල්ල පිහිටා ඇත. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ එම දිස්ත්‍රික්කයන් වේ.
837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්‍රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්‍රධාන භාෂාව වේ.
බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9ක එකතුවකින් සැදුම් ලද්දකි. බදුල්ල දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.
බදුල්ල දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.
1. මහියංගනය රජමහා විහාරය
2. මුතියංගනය රජමහා විහාරය
3. දියතලාව යුධහමුදා පුහුණු කඳවුර
4. නමුණුකුළ කදු පන්තිය
5. ලිප්ටන් වතුයාය
6. දෙමෝදර ආරුක්කු පාලම
7. දුන්හිඳ දිය ඇල්ල
8. ඹබරකන්ද දිය ඇල්ල
9. දියලුම දිය ඇල්ල
10. රාවනා ඇල්ල
11. බෝගොඩ පාලම
12. දඹාන වැදිගම්මානය
13. දෝව රජ මහා විහාරය
14. දෙමෝදර දුම්රිය ස්ථානය
15. ඇඩිෂම් බංගලාව

ලෝකාන්තය - The Worlds End

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.
මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.
ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.
හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.
අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.
මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.
‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.
ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි. (More>>)
ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (8)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (9)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (10)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (11)

හෝර්ටන්තැන්න - Horton Plains National Park

හෝර්ටන්තැන්න හෙක්‌ටයාර් 3169 ක රමණීය භූමියකි. මෙය නිවර්තන කලාපීය සදාහරිත වර්ෂා කඳුකර වනාන්තර ලක්‍ෂණවලින් හෙබි වනයකි. වසරේ වැඩි කාලයක්‌ ඝන මීදුම, දැඩි සුළඟ මෙන්ම නිරිත සහ ඊසාන වර්ෂාපතනයන්ගෙන් ලැබෙන වර්ෂාව පමණක්‌ නොව උස්‌ බිමක පිහිටීම නිසා අධික හිරු රැස්‌ ලැබීම නිසා මෙම වනයට වළාකුළු වනාන්තර යන අන්වර්ථ නාමයද පටබැඳී ඇත.
හෝර්ටන්තැන්න වළාකුළු වනාන්තර ලෝකයේ ඉපැරැණි වන භූමිවලින් පැවත එන්නකි. වසර මිලියන ගණනාවකට පෙර ලංකාව අයත් භූමිය ඇන්ටාක්‌ටිකාව හා බැඳී තිබිණි. මහාද්වීපික තලවල පාවීම නිසා මේ බිම් කඩ සමකයෙන් උතුරට ගමන්කර ඇත. එහෙත් එය ආසියාව සමග ගැටුනේ නැත. ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය මෙම කඳු මුඳුන්වල මෙතෙක්‌ නොනැසී පවතින්නේ එබැවිනි. වළාකුළු වනාන්තර වැසි ජලය සුරක්‍ෂිත කිරීමටත් වර්ෂාව නිර්මාණය කිරීමටත් දායක වේ. දිවා කල ඉහළ යන ජලවාෂ්ප සහිත උණුසුම් වාතය කඳුකර වනාන්තරවලදී ඝනී භවනය වී වළාකුළු නිර්මාණය කරයි. මේ වළාකුළු ක්‍රමයෙන් විශාලවී සැන්දැවට වැසි ඇතිරයි.
එදා හෝර්ටන්තැන්නේ වූ වළාකුළු වනාන්තරයේ හා තණ බිම්වල අලි ඇතුන් ගැවසී ඇති බව 1800 ගණන්වල ලියෑවී ඇති පොත් පත්වල සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේදී මේ අලි ඇතුන් දඩයම් කරුවන්ගේ ගොදුරු බවට පත්විය. බ්‍රිතාන්‍ය නිලධාරියකු වූ මේජර් තෝමස්‌ රොජර් ෆා නමැත්තා එකල අලි ඇතුන් 1400 කට වැඩි ප්‍රමාණයක්‌ දඩයම් කළ බව පැවැසේ. මෙම නිලධාරියා මියගියේ අකුණු සර වැදීමෙනි. ඔහුගේ සිරුර භූමදානය කර ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය පිටුපස ඇති සුසාන භූමියේය. මේජර් රොර්ජස්‌ගේ සොහොන් කොතද කිහිපවරක්‌ම අකුණු සරට ලක්‌ව තිබේ.
ගල් යුගයේදී ද හෝර්ටන්තැන්නේ මිනිසුන් ජීවත්ව ඇති බවට පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති. යටත්විජිත යුගයට පෙර සිංහල රජවරුද හෝර්ටන්තැන්නේ විසූ වන ජීවීන්ගේ හා වනයේ ආරක්‍ෂාව තහවුරු කළ බවද පැවැසේ. පුරා වෘත්තවලට අනුව රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන දඬු මොනරයෙන් ගොඩබට ස්‌ථානයද හෝර්ටන්තැන්නේ තොටුපල උද්‍යානය අශ්‍රිතව ස්‌ථාපිතව තිබූ බව කියෑවේ.
කෙසේ වෙතත් අද හෝර්ටන්තැන්න අඳුරේ ගොදුරු සොයා යන උරලෑවන්ට, හිමිදිරියේ තැන්නේ සුන්දරත්වයට ජීවය ගෙන දෙන රතුවන් දුඹුරු ගෝනුන්ගේ රාත්‍රි කාලයේ සුදෝ සුදු පුළුන් කුට්‌ටියක්‌ මෙන් දුව පැන යන හාවුන්ගේ, පඳුරු අතරින් පෙනෙන, නොපෙනෙන වැලි මුවන්ගේ, දිවියන්ගේ ගොදුරු බවට පත්වන වළස්‌ වඳුරන් හා දඬු ලේනුන්ගේ නිවහන බවට පත්ව ඇත.
මේ සත්ව ප්‍රජාවට අමතරව හෝර්ටන්තැන්නේ සංචාරය කරන්නන්ට නිරීක්‍ෂණය කළ හැකි වටිනා ශාක ප්‍රජාවන්ද ඇත. කීන, වනසපු, වෙනිවැල්, අලිකන්, වල් තුරුණු, වැලිදඹ, මහරත්මල්, කුරු උණ වන්නාතරයේ ප්‍රධාන ශාකය. හෝර්ටන්තැන්න වන බිමකින් මෙන්ම තැනිතලා සහ කඳු බෑවුම් ආශ්‍රිත තෘණ භූමියකින්ද යුක්‌තය. මේ තෘණ භූමියේ මහතුත්තිරි, ගවරමාන, ගොටුකොළ, බටර්කප්, මහසුදන, කුඩා සුදන, වයිල්ඩ් එවලාස්‌ටින්, වල් ස්‌ට්‍රොaබෙරි, බෝවිටියා, සුදු බිනර, නිල් බිනර මෙන්ම ඉංගී්‍රසීන් 1950 ගණන්වලදී හඳුන්වා දුන් කාපට්‌ ග්‍රාස්‌ නමැති තෘණ වලින්ද යුක්‌තය. හෝර්ටන්තැන්න පුරා සංචාරය කළ අපට මඟ පෙන්වූ වනජීවී නියාමක සුරංග ජයසේකර මෙම ශාක සහ සත්ව ප්‍රජාවන් හඳුනා ගැනීමට අපට විශාල සහායක්‌ දැක්‌වූවේ දැඩි හිතවත් කමකිනි.
ලංකාවේ ප්‍රධාන ගංගාවක්‌ වන මහවැලි, ගංගාවේ මූලාරම්භයද හෝටර්ටන්තැන්නෙන් සිදුවේ. මහවැලි ගඟේ අතු ගංගාවක්‌ වන උමා ඔයේ මූලාරම්භය සිදුවන්නේද තොටුපල කන්දේ නැගෙනහිර බෑවුමෙනි.හෝර්ටන්තැන්නේ දක්‌නට ලැබෙන පක්‍ෂි විශේෂ එකොළහකි. අරංගයා, කැහි බෙල්ලා, මයිල ගොයා, වළිකුකුළා ඒ අතර දැකිය හැකි පක්‍ෂීන්ය. කඟමුව අං කටුස්‌සා, තුරු බෝදිලියා නිතර දැකිය හැකි උරග විශේෂය.
හෝර්ටන්තැන්නට පිවිසෙන බොහෝ දෙනෙකුගේ සිත් ගෙන තිබෙන්නේ කුඩා ලෝකාන්තය සහ මහා ලෝකාන්තයය. ඊට අමතරව බේකර්ස්‌ ඇල්ල හෝර්ටන්තැන්නේ සංචාරකයන්ට චමත්කාර හැඟීම් උපදවන මනරම් දසුනකි.
හෝර්ටන්තැන්නට පැමිණෙන සංචාරකයන්ට ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකර්ස්‌ ඇල්ලට අමතරව චිමිණි පොකුණ, තොටුපල කන්ද, කිරිගල් පොත්ත සහ බෙලිහුල් ඔයද නිරීක්‍ෂණය කළ හැක. හෝර්ටන්තැන්නේ සංචාරක නිවාස දෙකකි. සංචාරක නිවාසවලට අමතරව ආපන ශාලා, තොරතුරු මධ්‍යස්‌ථාන, වාහන අංගයනයන්ද තිබේ. කෙසේ වෙතත් හෝර්ටන්තැන්නට පිවිසෙන ප්‍රධාන මාර්ගය නම් නිසි ලෙස නඩත්තු වී නැති බවද පැහැදිලිවේ. නුවරඑළිය සිට පැමිණෙන මාර්ගය ඉතාමත් අබලන්ව තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ වනෝද්‍යානයට නොපැමිණ අතරමඟදී නැවත හැරී යන බවටද තොරතුරු හෙළිවිය. පවතින විදුලි බලය ප්‍රමාණවත් නොවීම නිසා කුඩා ජල විදුලි බලාගාර තැනීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. වැසිකිළි, විවේක ස්‌ථාන, සැමරුම් අලෙවි සල්, නිරීක්‍ෂණ ස්‌ථාන මෙන්ම පුස්‌තකාල පහසුකම්ද, පැය 24 පුරාම සේවයට කැපව සිටින වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තෘප්තිමත් විය හැකි සේවා පහසුකම්ද සැපයීම කෙරෙහි අවධානය යොමුවිය යුතුමය. (
More>>)
හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)